නායගිය නිවසේ මවගේ සිරුර හමුවෙයි - පුතා හා මිතුරා තවම යටවී ඇතැයි සැක
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

නායගිය නිවසේ මවගේ සිරුර හමුවෙයි - පුතා හා මිතුරා තවම යටවී ඇතැයි සැක

නායගිය නිවසේ මවගේ සිරුර හමුවෙයි - පුතා හා මිතුරා තවම යටවී ඇතැයි සැක

අගුරුවැල්ල වරකාපොල මාර්ගයේ කොස්වත්ත හන්දිය ආසන්නයේ තුඹලියද්ද ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීම නිසා සිරවී සිටි නිවසක පුද්ගලයින් තිදෙනෙකුගෙන් අයෙකු බේරාගත් පසු සිරවී සිටි මව හා පුතු සෙවීමේ මෙහෙයුම් ඊයේ රාත්‍රිය පුරා සිදුවූ අතර 48 හැවිරිදි මවගේ සිරුර සොයා ගෙන තිබේ. 

 

පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ක පස්කන්දට සිරවී සිටින 24 හැවිරිදි පුත්‍රයා සෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.


පුත්‍රයාගේ මිතුරෙකුද සුන්බුන් අතර සිරවී ඇතැයි සැකයක් පවතී.


නිවසේ සුන්බුන්වලට යටව සිටි පියා සොයාගෙන රෝහල්ගත කිරීමට ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් ඊයේ සන්ධ්‍යාවෙහි සමත් විය.


පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් සිදුවූ මෙම නායයාමෙන් කඩාවැටුණ දෙමහල් නිවසේ සුන්බුන් අතර සිටි අය සෙවීම දුෂ්කර විය.


එම පවුලේ පියා මුදාගෙන ප්‍රතිකාර සඳහා වරකාපොල රෝහල වෙත යොමුකර ඇත.

 

සිද්ධිය වන අවස්ථාවේ එක දරුවකු උපකාර පන්තිවලට සහභාගි වීම නිසා දිවි බේරාගෙන තිබුණි. එම පවුලේ මව සහ තවත් පිරිමි දරුවකු ගලවා ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු සිදුකර මවගේ සිරුර අද හමු විය.

 

නිළධාරීන් ඇතුළු යුධ හමුදා සාමාජිකයින් 75 කට අධික පිරිසක් දිවි ගලවා ගත් අනෙකුත් පුද්ගලයින් සොයා පොළොව පිරිසිදු කිරීමේ කාර්යයේ නිරතව සිටින නමුත් ධාරානිපාත වර්ෂාව සහ ගලා යන ජලය අඛණ්ඩ මෙහෙයුම් වලට විශාල අභියෝගයක් වී තිබේ.



යුද්ධ හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (SFHQ-බටහිර) 61 වන සේනාංකය යටතේ ඇති 611 බලසේනාවට අයත් 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු (SLSR) භට පිරිස් මෙම මෙහෙයුමේ නිරතව සිටී.



අනතුරකට ලක්ව සිටි ‍එම පිරිමි දරුවා බැලීමට පැමිණි ඔහුගේ මිත්‍රයෙකු ද සුන්බුන් අතර සිරව ඇතැයි සැකකරන බව කෑගල්ල ප්‍රාදේශිය ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

views

221 Views

Comments

arrow-up