මුල්ලිවයික්කාල් ස්මාරකය ඉවත් කිරිමෙන් යාපනයේ නොසන්සුන්තාවයක් (PHOTOS)

යාපනය විශ්ව විද්‍යාල පරිශ‍්‍රය තුළ ස්ථාපිත කර තිබූ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමට මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය බැකෝ යන්ත‍්‍රයක් යොදා ඉවත් කිරීමේ සිදුවීමක් මුල් කර ගනිමින් යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ රාතී‍්‍රයේ නොසන්සුන්තාව හටගෙන තිබෙනවා.
යාපනය විශ්ව විද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් හා යාපනය ප්‍රදේශවාසීන් අදාළ සැමරුම් ස්මාරකය ඉවත් කිරීමට විරුද්ධවීමත් සමඟ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය හා විශ්ව විද්‍යාල සිසුන් අතර නොසන්සුන්තාවයක් හටගත් අතර, එය පාලනයට පොලිස් නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් ඇතුළු ආරක්ෂක අංශ කැඳවා තිබෙනවා.
යුද්ධය නිමාවි දස වසරක් ගතවීම නිමිත්තෙන් විශ්ව විද්‍යාල සිසුන් විසින් 2019 වර්ෂයේ දී විශ්ව විද්‍යාල භූමිය තුළ අදාළ සැමරුම් ස්මාරකය ඉදිකොට තිබිණ.
සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
753 Views
Comments