ආරක්ෂක ලේකම්ගේ උසස්වීම ගැන සරත් ෆොන්සේකා අදහස් දක්වයි

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ජනරාල් ධුරයට උසස් කිරීම දේශපාලනික උසස් කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා
තරු දෙකේ ජනරාල් ධුරය දරමින් විශ්‍රාම ගිය තවත් හමුදා නිලධාරීන් පිරිසක් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනරාල් ධුරයට උසස් කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් තමන් ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධයෙන් පිළිබඳ පැවති අයවැය විවාදයේදී වත්මන් යුද හමුදාපතිවරයාට උසස් වීමක් ලබා දිය යුතු බවට ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා
''ඒ වගේම අනෙක් නාවික සහ ගුවන් හමුදාපතිවරුන්වත් ඊලඟ නිලයට උසස් කිරීම සිදුකළ යුතුයි” ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියා.
712 Views
Comments