විදුලි බිල්පත ස්මාර්ට් වෙයි

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මනු කියවන්නන් නිවෙස් වෙත යාමට ගැටලු පවතිනවා.
නව තාක්ෂණයෙන් යුතුව සවි කරන ලද ස්මාර්ට් මීටර මගින් කාර්යාලයේ සිට විදුලි බිල්පත් සකස් කිරීමේ හැකියාවද පවතින බවයි අමාත්‍යංශයේ සඳහන් කරන්නේ.
ඒ අනුව ඉදිරියේදී විදුලි බිල්පත SMS හෝ ඊමේල් මාර්ගයෙන් පාරිභෝගිකයින් වෙත යැවීමට වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
අදාල ක්‍රියාවලිය තුළින් මනු කියවන්නන්ගේ රැකියා අහිමි වීමක් සිදු නොවන බවත් විදුලි බිල්පත නිසි වේලාවට නිවැරදිව පාරිභෝගිකයා අතට ලැබෙන ලෙස ගෙවීමට හැකි බව අමාත්‍යාංශය සඳහන් කරනවා.
මෙම ක්‍රියාවලිය ලබන වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමටයි අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙන්නේ.
728 Views
Comments