අලි ඇතුන් ලියාපදිංචිය නවතී

රටපුරා දේවාල, විහාරස්ථාන සහ නිවෙස්වල අලි ඇතුන් 109 දෙනෙකු සිටින බවට තොරතුරු අනාවරණයවී ඇති බවත් ඉන් කොටසක් මෙතෙක් ලියාපදිංචි කර නොමැති බවත් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
අලි ඇතුන් ලියාපදිංචි කිරීම නීතිමය ගැටලුවක් බැවින් තාවකාලිකව නතරවී ඇතැයිද හෙතෙම කියා සිටියේය.
අලි ඇතුන් 109 දෙනා අතර පරම්පරාවෙන් පරම්පරාවට හිමිවූ සතුන් මෙන්ම විවිධ ක්‍රමවලට කැලෑවලින් අල්ලාගෙන ආ සතුන්ද සිටින බවට තොරතුරු ලැබී ඇති බව පැවැසු අමාත්‍යවරයා ගෘහාශ්‍රිතව ඇති දැඩි කළ අලින් තිදෙනකු පසුගිය කාලයේදී ජීවිතක්‍සයට පත්ව ඇතැයිද පැවසීය.
තමන් සතුව ඇති අලි ඇතුන් තමන්ට සාධාරණව හිමිවූ බවට ඒ සතුන්ගේ හිමිකරුවන් අදාළ ලියාපදිංචිකිරීම් කටයුතුවලදී ඔප්පු කළ යුතු බව විමලවීර දිසානායක මහතා කීවේය.
720 Views
Comments