කැබිනට්ටුවේ පුටු මාරුවක් - අධ්‍යාපනය GL ගෙන් ගලවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
15

කැබිනට්ටුවේ පුටු මාරුවක් - අධ්‍යාපනය GL ගෙන් ගලවයි

කැබිනට්ටුවේ පුටු මාරුවක් - අධ්‍යාපනය GL ගෙන් ගලවයි

එළඹෙන අඟහරුවාදා කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන අමාත්‍ය ධුර හතරක සංශෝධනයක් වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

 

ඒ අනුව දැනට අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කරන  ජී. එල්. පීරිස් මහතා ඉන් ඉවත්කර එම තනතුරට වත්මන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වේ. පුරප්පාඩු වන විදේශ අමාත්‍ය ධුරය  ජී. එල්.  පීරිස් මහතාට ලබා දෙනු ඇත.

 

මීට අමතරව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද සිය මන්ත්‍රී ධුර හුවමාරු කරගැනීමට නියමිතයි.

views

1842 Views

Comments

arrow-up