පාතාලයේ “පොඩි ලැසී” අධිකරණයේ කඳුළු සලමින් කියූ කතාව

ජනපතිට, ආරක්ෂක ලේකම්ට හා බන්ධනාගාරයේ උසස් නිලධාරීන්ට මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජනත් මධුශංක හෙවත් පොඩි ලැසී නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කර විත්ති කූඩුවේ සිටින විට ඔහුගේ දෑස්වලින් කඳුළු කඩා වැටෙණු දැක ගත හැකි වූ බව වාර්තා වෙනවා.
ජනාධිපති, ආරක්ෂක ලේකම්, බන්ධනාගාර උසස් නිලධාරීන් ඝාතනය කිරීමට තමන් සැලසුම් නොකළ බවට අදාළ චෝදනාවේ පළමු සැකකරු කොස්ගොඩ තාරක හා දෙවෙනි සැකකරු පොඩි ලසී නැමැත්තාගේ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා අධිකරණයෙන් ලබාගත් නියෝගය මත පසුගිය 18 වැනි දින බූස්ස බන්ධනාගාරයට ගොස් සැකකරුගෙන් ලබා ගත් ප්‍රකාශවල සාරාංශය ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කළා.
එහිදී ඔහු කියා සිටියේ තමන් එවැනි තර්ජනයක් නොකළ අතර, තමන්ට සිදුවන අපහසුකම් පිළිබඳ පමණක් පැවසු බව සැකකරු ප්‍රකාශයක් ලබා දෙමින් කියූ බවයි.
මෙම නඩුවේ පළමුවන සැකකරු ලෙස නම්කර සිටින ධර්මකිර්තිගේ තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක 33න් හැවිරිදි විවාහකයකු බවත්, දෙවන සැකකරු ලෙස නම්කර සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි 31ක් හැවිරිදි විවාහකයකු බවත් දෙදෙනාටම දරුවන් සිටින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබෙනවා.
කොස්ගොඩ තාරක නමැත්තා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මදුෂ් නමැත්තා ඩුබායිහි සිටියදී බන්ධනාගාර කොමසාරිස්වරයෙක් ගොස් ඔහුගෙන් පහසුකම් ලබාගෙන ඇති බවට තාරක ප්‍රකාශයක් ලබාදී ඇති නිසා ඒ පිළිබඳ අදාළ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් සහ මාකඳුරේ මදූෂ්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.
1072 Views
Comments