මහ නුවර පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසි-බිලිදෙක් මියයයි (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
20

මහ නුවර පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසි-බිලිදෙක් මියයයි (PHOTOS)

මහ නුවර පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසි-බිලිදෙක් මියයයි (PHOTOS)

මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමෙන් එහි සුන්බුන් වලට යටවූ නිවසේ සිට බේරා ගත් මාස එකහාමාරක් පමණ වයසැති බිලිඳා ජිවිතක්ෂයට පත්ව ඇති බව මහනුවර රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටිනවා.
අද අලුයම සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් නිවසක සිටි පුද්ගලයින් 05 දෙනෙකු ගිලා බසින ලද ගොඩනැගිල්ලේ සුන්බුන් වලට සිරවූ අතර මෙම කුඩා බිලිඳාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් වලට හැකිව තිබුණා.
මේ වන විටත් එම නිවසේ සිරවී සිටිනේ අනෙක් පුද්ගලයින් දෙදෙනා ගේ දිවි බේරා ගැනීමට යුධ හමුදාව, පොලිසිය, ගිනි නිවීමේ ඒකකය ඇතුළු සහන කණ්ඩායම් මෙහෙයුම් සිදුකරනවා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

754 Views

Comments

arrow-up