මහ කන්නයේ පොහොර වෙනුවට, දෙන්නේ සල්ලි - මහින්ද අමරවීර

එළබෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා සහනාධාර පොහොර ලබා දීම වෙනුවට ගොවීන්ට මූල්‍යමය ආධාර ලබා දීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු ඒ බව සඳහන් කළේ අද (31) කැබිනට් මාධ්‍ය හමුවට එක් වෙමින්.
එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, දැනටමත් ඒ සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා සිදු කරන බවයි.
මෙම යෝජනාව සඳහා කැබිනට් කබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට තමා සූදානමින් සිටින බවත් ඔහු කියා සිටියා.
පොහොර ගෙන්වීමේ දී සහ බෙදා හැරීමේදී අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට කොමිස් මුදල් ලැබීම සම්බන්ධයෙන් චෝදනා සමාජයේ පවතින නිසාවෙන් ඔවුන්ට එම චෝදනාවලින් ද නිදහස් වීමට මෙම ක්‍රමවේදය උපකාරී වේ යැයි තමන් සිතන බව ඔහු මෙහි දී ප්‍රකාශ කර සිටියා.
කෙසේ නමුත් ගොවීන්ට මුදල්වලට හෝ පොහොර මිලට ගැනීමට වෙළෙඳපොළ තුළ පොහොර නැතැයි කියා ගොවීන් මැසිවිලි නගන පසුබිමක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එළඹෙන කන්නයට වගා කටයුතු සඳහා වෙළෙඳපොල තුළ පොහොර බහුල කරන බවයි.
689 Views
Comments