46 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අද ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
22

46 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අද ඇරඹේ

46 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත අතර කොරෝනා ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් අද වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනවා.

 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශයට පත්කරන ලද වාර්තාව විවාදයට ගැනීම අනිද්දා දිනයට නියමිතව තිබෙනවා

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශයට පත් කළ වාර්තාව පදනම් කර ගෙන මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නව යෝජනාවක් මෙවර ජගත් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වූ රටවල් 06 ප්‍රකාශ කර තිබෙනවා.

 

එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසඩෝනියාව මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන එම රටවල් ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කරමින් සඳහන් කළේ ජගත් මානව හිමිකම් කොමිසම තුළ ශ්‍රී ලංකාව පිළිබඳ තවදුරටත් අඛණ්ඩව සළකා බැලීම වැදගත් බවයි.

 

මීට පෙර ජගත් මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් වූ ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවට පසුගිය රජය සමයේ සම සත්කාරකත්වය දැක්වූ අතර, වත්මන් රජය විසින් පසුගිය වසරේ එම සත්කාරකත්වය ඉවත් කර ගනු ලැබුවා.

views

672 Views

Comments

arrow-up