ශ්‍රී ලංකාව තුල දිනකට අනතුරු 10,000ක්

සෑම දිනකදීම පුද්ගලයන් දස දහසක පමණ ප්‍රමාණයක් විවිධ වර්ගයේ අනතුරුවලට ලක්වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ඊයේ දිනයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සඳහන් කළේ ඉන් 35 දෙනෙකු දිනකට මිය යන බවයි.
කෙසේ වෙතත්, ඉන් සැලකිය යුතු පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු නොවන බවයි ඔහු කියා සිටියේ.
සංගණන වාර්තා අනුව මේ වන විට අනතුරු හේතුවෙන් රෝහල් ගත වන පුද්ගලයන් සංඛ්‍යාාව ලක්ෂ 13 දක්වා ඉහළ ගොස් ඇති බවද විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා වැඩිදුරටත් පැවසුවේය.
මේ අතර, 06වන ජාතික අනතුරු වැළැක්වීමේ සතිය ලබන 05 වන සඳුදා සිට 09 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මකයි.
එම සතියේදී අනතුරු වලක්වා ගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
826 Views
Comments