කොවිඩ් මාරයාට බිලිවූ එකම පවුලේ තිදෙනා

කොවිඩ් වෛරසයේ ඇති භයානක බව නැවත නැවතත් පසක්කරමින් කොවිඩ් ආසාදනයෙන් එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබිණි.
මෙම සංවේදී පුවත වාර්තා වන්නේ පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයෙන්.
මෙසේ මියගොස් ඇත්තේ එම පවුලේ පියා(72) , මව(70) සහ 38 හැවිරිදි ඔවුන්ගේ පුත්‍රයායි.
කොවිඩ් ආසාදනයත් සමඟ මොවුන් තිදෙනාටම අවස්ථාවන් කිහිපයකදීම ශ්වසන අපහසුතා හටගෙන තිබූ අතර ඔවුන් මියගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ඔවුන්ට අමතරව එම පවුලේ තවත් සාමාජිකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඔවුන්ද මේ වනවිට පැණිදෙනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර තිබේ.
771 Views
Comments