කොළඹ උණුසුම් - ඕල්කට් මාවතේ විරෝධතා
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

කොළඹ උණුසුම් - ඕල්කට් මාවතේ විරෝධතා

කොළඹ උණුසුම් - ඕල්කට් මාවතේ විරෝධතා

පෙර මාධ්‍ය වාර්තා මගින් ද දැනුම් දුන් පරිදි නව වන පාර්ලිමේන්තුවේ සිවු වන සභා වාරය අතරේ පාර්ලිමේන්තුව අසල මෙන්ම, කොළඹ නගරය පුරා ද විරෝධතා පැවැත්වෙමින් තිබෙන අතර වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කරන ලද විරෝධතා හේතුවෙන් කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් ම අවහිර වී තිබේ.

 

කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාව හේතුවෙන් එම ප්‍රදේශය අතුරු සිදුරු නැතිව පිරී යමින් පවතින අතර, ඕල්කට් මාවතේ එක් මං තීරුවක් වසා දමා ඇති බව වාර්තා වෙයි.

 

එසේම, පොලිසිය විසින් කොළඹ කොටුව ලෝටස් මාර්ගයද වසා දමා ඇති බව ද වාර්තා වී තිබේ.


 

views

231 Views

Comments

arrow-up