බැසිල් පාර්ලිමේන්තුවට දාපු පනත ආණ්ඩුවෙන්ම ඉවත් කරගෙන

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට රජය තීරණය කර තිබේ.
එම පනත් කෙටුම්පතෙහි වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට පසුගියදා දැනුම්දී තිබුණි.
එම නිසා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළයුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබිණ.
බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට මත්පැන්, දුම්වැටි, විදුලි සංදේශ, ඔට්ටු ඇල්ලීම හා සුදු, මෝටර් වාහන මත විවිධ අණපනත් යටතේ පනවා ඇති බදු වෙනුවට එක් විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට පසුගිය අයවැයෙන් යෝජනා කර තිබූ අතර ඒ පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 07 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ඉකුත් ජනවාරි 20 වනදා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබිණි.
646 Views
Comments