කතාබහට ලක්වන ධූමකේතුව බලන්න පුළුවන් ක්‍රමය මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

කතාබහට ලක්වන ධූමකේතුව බලන්න පුළුවන් ක්‍රමය මෙන්න

කතාබහට ලක්වන ධූමකේතුව බලන්න පුළුවන් ක්‍රමය මෙන්න

මේ දිනවල පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන රෙනෝල්ට් ධුමකේතුව එළඹෙන 18 වන දායින් පසු පියවි ඇසින් දැක ගැනීමට අවස්ථාව හිමි නොවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ ජේෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

 

කෙසේ නමුත් දෙනෙතියක් ආධාරයෙන් මෙම දූමකේතුව නැරඹිය හැකි බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

 

මෙම ධූම කේතුව පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර මෙන් 35,000 ගුණයක දුරක සිට පැමිණෙන අතර ඒ ඉතා වේගයෙන් ගමන් කරන බවයි වාර්තා වන්නේ.

 

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා

 

"මේ ධූමකේතුව ලංකාවේ අපට පියවි ඇසට පෙනෙන්නේ නෑ. සමහර රටවල්වලට ඉතාම අපහසුතාවයෙන් දැක ගන්න පුලුවන්කම තියෙනවා. හොඳ තද කළු අහසක් තිබෙන අවස්ථාවලදී. 17වනදායින් පසුව වගේ මෙය දැක ගැනීමේ අවස්ථාව උදා වෙන්න පුලුවන් පියවි ඇසටත්. මේ වසරේ දැනට තිබෙන හොඳම ධූමකේතුව තමා මේක. මේ වසරේ මුල් කාලයේදී තමා මේක සොයා ගත්තේ "

"මේකේ තියෙන විශේෂත්වය තමා මේක නැවත එන ධූම කේතුවක් නෙමේ. සූර්යයා වටා ආවා ගියා. සූර්යයත් පෘථිවියත් අතර තිබෙන දුර වගේ 35,000ක් දුර ඉදලා මේක එන්නේ. ඒ වගේම මේ ධූමකේතුව ඉතාම අධික වේගයකින් එනවා. තත්ත්පරයට කිලෝ මීටර් 50ත් 70ත් අතර වේගයක්." 

"බටහිර අහසේ නිරිත දිගට වන්නට හිරු බැස ගිහින් විනාඩි 30කට පමණ පසුව නැරඹීම ඉතාම සුදුසුයි. නමුත් පියවි ඇසට පෙනෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. ජනවාරි මාසේ මුල දක්වා අපිට මෙය නිරික්ෂණ කරන්න පුලුවන් මොකද ජනවාරි 3 තමා සූර්යයාට ඉතාම ආසන්නයෙන් මේක ගමන් කරන්නේ."

views

718 Views

Comments

arrow-up