රටම කැලඹූ ෂාෆ්ටර්ගේ මරණය ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය පිළිබඳ සැබෑ තතු යට ගැසීම සඳහා පොලීසියට හා අදාළ පාර්ශවයන්ට බලපෑම් එල්ල වෙනවා ද ? යන්න පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා අදහස් පළ කළේය.
ප්‍රශ්නය - ෂාෆ්ටර් ඝාතනය හෝ මරණය යන සිදුවීම සම්බන්ධයෙන් කතා කරන විට විශාල මුදලක් හැසිරෙනවා මේක පුරාවට. මේකත් එක්ක යම්කිසි හස්තයක් මේ මොහොතේ මේක යටගැසීම සඳහා පොලීසියට හෝ වෙනත් පරීක්ෂණ කණ්ඩායම්වලට මුදලක් හෝ සන්තෝෂමක් ලබාදීලා මේක යටපත් කරනවා කියලා චෝදනාවක් තියෙනවා. ඔබතුමා මේක විශ්වාස කරනවා ද?
"පොලීසිය පැහැදිලිව විමර්ශන කරගෙන යනවා. මෙවැනි විමර්ශනයක් කරන්නේ පොලීසිය තනියම නෙමෙයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා ඍජුව සම්බන්ධ වෙනවා, රජයේ රස පරීක්ෂකවරයා ඍජුව සම්බන්ධ වෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන් ගත්තහම කණ්ඩායම් රාශියක් එකතුවෙලා මේක කරන්නේ. ප්‍රාදේශීය වශයෙන් තියෙන පොලිස් කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොට්ඨාසය, ඒ විතරක් නෙමෙයි. නීතිපතිවරයා ඒ වගේම අධිකරණය. මේ සියල්ල ඒකරාශි වෙලා කරන දෙයක්. මේක තනියම කරන දෙයක් නෙමෙයි. ඒ නිසා මුදල් ලබාදීලා පොලීසියට මේක යටපත් කරන්න උත්සාහ කරනවා කියන එක අපි ප්‍රතික්ෂේප කරනවා පැහැදිලිවම. නමුත් යම් ආකාරයක එවැනි තොරතුරක් තියෙනවා නම් අපි ඒ පිළිබඳව ඉඟියක් ලැබුණොත් ඒ පිළිබඳව සොයා බලනවා කවුද එහෙම කරන්න උත්සාහ කරන පුද්ගලයා කියලා."
251 Views
Comments