පැය 10ක විදුලි කප්පාදුවක්?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

පැය 10ක විදුලි කප්පාදුවක්?

පැය 10ක විදුලි කප්පාදුවක්?

මේ වනවිට රට තුළ පවතින තත්ත්වය අනුව පැය 8ක 10ක විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් තරම් ගල්අඟුරු සංචිත ලැබෙමින් පවතින බවය.

 

"විදුලිබල මණ්ඩලයේ කළමනාකරණයේ වැරදිවලින් ඇතිවූ අලාභය පියවා ගන්නත් ගල්අඟුරු සහ තෙල් ලබාගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමටත් තමයි මේ විදුලි බිල වැඩිකරන්න යන්නේ."

"මේ අවස්ථාව වෙනකොට අපිට තිබෙනවා ගල්අඟුරු මෙට්‍රික්ටොන් 32,000ක්. ඊළඟ නැව හෙට ලංකාවට එනවා. හෙට දවල් වෙනකොට තව මෙට්‍රික්ටොන් 60,000ක් බාන්න පටන් ගන්නවා. තව නැව් 5ක් එන්න තිබෙනවා. දැන් තිබෙන ක්‍රමය අනුව නැව් 25ක් විතර එන තත්ත්වයක් තිබෙන්නේ."

"ගල්අඟුරු නැති නිසා නවත්වපු බලාගාරය ඉරිදා දිනයේදී නැවත සක්‍රීය කරන්න තමයි ලෑස්ති වෙන්නේ." 

"ඒ අනුව අපි ඉදිරියේදී බලාපොරොත්තු වුණු පැය 8ක 10ක වගේ විදුලි කප්පාදුවකට යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ." 

"ඒ අනුව තවත් නැව් 7ක් 8ක් ගන්න පුළුවන් නම් මේ අගෝස්තු මාසය දක්වා අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා." 

views

194 Views

Comments

arrow-up