චීන සංචාකයින්ට රටවල් 6ක දොර වැසේ

චීනයේ සංචාරය කර ඇති පුද්ගලයින්ට අමෙරිකාවට පැමිණීමේදී කොවිඩ් පරීක්ෂණ අනිවාර්ය කර තිබෙනවා. ඒ, චීනයේ හිස ඔසවමින් ඇති කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන්. මීට පෙර ඉතාලිය, ජපානය, මැලේසියාව, තායිවානය සහ ඉන්දියාවද චීනයේ සිට පැමිණෙන පුද්ගලයින්ට කොවිඩ් පරීක්ෂණ අනිවාර්ය කළා.
වසර 3කට ආසන්න කාලයකට පසු චීනය ලබන ජනවාරි 8වනදා සිට සිට ජාතිකයින්ට පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව චීන ජාතිකයින්ට කිසිදු බාධාවකින් තොරව ඕනෑම සංචාරයක නිරත වීමට අවස්ථාන උදාවනු ඇති.
එමෙන්ම ජනවාරි 8වන දා සිට චීනයට ඇතුළු වන සංචාරකයින්ටද නිරෝධායනට ලක්වීම අනිවාර්ය වන්නේ නැහැ. චීන ජාතිකයින්ට විදෙස් ගමන් බලපත්‍ර යළි ලබා දීමද ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.
173 Views
Comments