සීටීබිය පංචිකාවත්තෙනුත් බඩු අරන්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ අලුත් වැඩියාවට අවශ්‍ය අමතර කොටස් පංචිකාවත්තේ වෙළෙඳසල්වලින් පවා 2017 වර්ෂයේදී මිලදී ගෙන තිබූ බව විගණන විමර්ශනයකදී තොරතුරු අනාවරණයවී ඇත.
මධ්‍යම බස්රථ කාර්යාලයෙහි නිශ්චිත ප්‍රසම්පාදන සැලැස්මක් ක්‍රියාත්මක නොවුණු හෙයින් මේ තත්වය ඇති වුණු බව ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වේ.
මේ අතර රුපියල් හැත්තෑ අට ලක්ෂයක් පමණ වටිනා ප්‍රතික්ෂේපිත අමතර කොටස් තොගයක් 2017 ඔක්තෝබර් 17 දින රැස්වූ අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටුව විසින් මිලදී ගැනීමට තීරණය කරනු ලැබ තිබූ බවත් ඒ අනුව මිලදී ගත් අමතර කොටස් පසුව ඩිපෝ සහ ප්‍රාදේශීය වැඩපොළවලටද නිකුත් කර ඇති බවත් වාර්තාව සඳහන් කළේය.
204 Views
Comments