ලාංකිකයෝ මිලියන ගණනක් දුප්පතුන්ගේ ගොඩට

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඉකුත් වසරේ මිලියන 2.4 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට වැටී ඇතැයි රතු කුරුස සංවිධානය නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දී ඇත.
මෙම අර්බුදයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ දුප්පත් පවුල් වලට බව එම වාර්තාවේ දැක්වේ.
දුප්පත් නොවන පවුල්වලට වඩා දුප්පත් පවුල් වල අදායම ආර්ථික අර්බුදය හේතුවෙන් හරි අඩකින් අඩු වී ඇති බව රතු කුරුස සංවිධානය පවසා ඇත.ශ්‍රී ලාංකිකයන් තම වත්කම් විකිණීමට පෙළඹී ඇති බවත්, ජීවත් වීම සඳහා ණයකරුවන් වී ඇති බවත් රතු කුරුස සංවිධානයේ වාර්තාවේ දැක්වේ.එම පවුල් වල ළමුන් පාසල් යාම මඟ හැරී යාමේ අවදානමක්ද මතුව තිබෙන බව එම වාර්තාවේ සඳහන් වේ.
178 Views
Comments