සංචාරක හෝටල් වල විදුලි බිලට ලබාදුන් සහනය තවදුරටත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
19

සංචාරක හෝටල් වල විදුලි බිලට ලබාදුන් සහනය තවදුරටත්

සංචාරක හෝටල් වල විදුලි බිලට ලබාදුන් සහනය තවදුරටත්

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති හෝටල් සහ නවාතැන් වෙනුවෙන් විදුලි බිල්පත් ගෙවීමට ලබාදුන් සහනය තවදුරටත් දීර්ඝ කිරීමට යෝජනාවක් හෙට අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

ඒ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසිනි.

 

මෙම සහනය පසුගිය මාර්තු 1 වන දා සිට පෙබරවාරි 28 වනදා දක්වා ලබා දී තිබූ අතර එය නව යෝජනාව හරහා මෙම වසර අවසන් වන තුරු දීර්ඝ කරනු ඇත.

 

එමෙන්ම හිඟ මුදල් ජනවාරි 1 වන දා සිට සමාන වාරික 36කින් ගෙවීමට හෝටල් හිමියන්ට අවස්ථාව හිමිවනවා.

views

670 Views

Comments

arrow-up