“අරක්කු ඕනෑතරම්, කිරිපිටි නෑ” මන්ත්‍රී කෙහෙල්ඇවරිය සභාව මැද විරෝධයක
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

“අරක්කු ඕනෑතරම්, කිරිපිටි නෑ” මන්ත්‍රී කෙහෙල්ඇවරිය සභාව මැද විරෝධයක

“අරක්කු ඕනෑතරම්, කිරිපිටි නෑ” මන්ත්‍රී කෙහෙල්ඇවරිය සභාව මැද විරෝධයක

කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රට තුළ නොමැති වුවත් සුරාසැල් විවෘතව තැබීම හේතුවෙන් ඕනෑ තරම් අරක්කු ඇති බව පවසමින් ඊයේ(21) පැවැති ඉමදුව ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රීවරයෙක් බෝනික්කෙකු, හිස් කිරි බෝතලයක් සහ අරක්කු බෝතලයක් රැගෙන පැමිණීම නිසා සභාව උණුසුම් විය.

 

කුඩා දරුවන්ට ලබා දීම සඳහා කිරිපිටි නොමැති වුවත් සුරාසැල් විවෘතව තැබීමට මෙසේ විරෝධය පළකලේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ (කෙසෙල් ඇවරිය) ඒ.ජී. අරුණ මන්ත‍්‍රීවරයායි.

 

ඉමදුව ප්‍රාදේශීය සභාව එහි සභාපති ඒ.වී. සරත් කුමාර මහතාගේ (ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ) ප්‍රධානත්වයෙන් ඉමදුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී රැස්විය.

 

ඒ.ජී අරුණ මන්ත්‍රීවරයා කිරිපිටි නැති වුණාට අරක්කු ඕනෑතරම් ඇති බව කියමින් ගල් අරක්කු බෝතලයක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුට පෙන්වීමත් සමඟ සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.

views

808 Views

Comments

arrow-up