යුද හමුදාවේ දෙවැනි පුටුව මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කුට (PHOTOS)

යුද හමුදාවේ වත්මන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරය හොබවන මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු හෙට (8) දින සිට බලපැවැත්වෙන පරිදි 60 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස නව ධූරයේ රාජකාරි අරඹයි.
මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු අද (07) දින යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් සිය පත්වීම් ලිපිය භාර ගෙන තිබුණා.
වර්ෂ 2021 දෙසැම්බර් මස 12 දින ශ්‍රී ලංකා යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ඔහුආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධුරය මෙන්ම ඊට ප්‍රථම තවත් ප්‍රධාන තනතුරු රැසක් හොබවා තිබුණා.
මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ධූරය ද හොබවනු ලබනවා.
726 Views
Comments