දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය ටොන් 95ක්

දෛනික වෛද්‍ය ඔක්සිජන් ටොන් 75ක් දේශීයව නිෂ්පාදනය කරන අතර දැනට පවතින කොවිඩ් ව්‍යාප්තිය යටතේ කොවිඩ් රෝගීන් සඳහා දෛනිකව ඔක්සිජන් ටොන් 95ක් අවශ්‍ය බව තහවුරු වී ඇත.
ඔක්සිජන් ටොන් 300ක් පමණ දේශීය සංචිතවල ඉතිරිව ඇති බවට වාර්තා වන නමුත් ඉදිරියේදී ඔක්සිජන් අවශ්‍යතාව තවදුරටත් වැඩිවුවොත් සතිපතා අවම වශයෙන් ඔක්සිජන් ටොන් 120ක් ආනයනය කිරීමට සිදුවන බව නිගමනය කර ඇත.
දැනට වෛද්‍ය ඔක්සිජන් ඉල්ලුම වෙනුවෙන් ඔක්සිජන් ලීටර් 120,000ක් ආනයනය කරන අතර තවත් ඔක්සිජන් ලීටර් 360,000ක් ආනයනයට අනුමැතිය ලබා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
695 Views
Comments