මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 12 දෙනෙකුට රතු වරෙන්තු

විදෙස් රටවල සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පුද්ගලයන් 12 දෙනෙකු සඳහා රතු වරෙන්තු නිකුත් කර ඇති බව බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉන් කිහිප දෙනෙකුම ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් බවයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා ගම්පහ දිස්ත්‍රික් කමිටු රැස්වීමට සහභාගී වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කර ඇත.
එම අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහි දී ප්‍රකාශ කර තිබුණේ ඇතැම් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීපව කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
167 Views
Comments