රාජ්‍ය සේවකයන් ගුරු සේවයට මාරු කරයි ?

ගුරු සේවයට කැමැත්තෙන් සිටින රාජ්‍ය සේවයේ පිරිස් ඊට අන්තර්ග්‍රහණය කිරීමට වැඩපිළිවෙලක් යොදන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (21) ඉල්ලීමක් කර සිටියා.
රටේ පාසල් බොහොමයක ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්විය හැකි ගුරුවරුන්ගේ බරපතල හිඟයක් පවතින බවත් රාජ්‍ය සේවයේ පිරිස් බඳවා ගැනීමෙන් එම ගැටලුවද විසඳෙන බවත් එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා මතු කරන ප්‍රශ්නය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.
148 Views
Comments