වූහාන් සිට ගෙනා සිසුන් ඇතුළු 33 දෙනා පෙබරවාරි 16 දියතලාවෙන් නිදහස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
13

වූහාන් සිට ගෙනා සිසුන් ඇතුළු 33 දෙනා පෙබරවාරි 16 දියතලාවෙන් නිදහස්

වූහාන් සිට ගෙනා සිසුන් ඇතුළු 33 දෙනා පෙබරවාරි 16 දියතලාවෙන් නිදහස්

චීනයේ වූහාන් ප‍්‍රදේශයේ සිට ගුවන් මගින් මෙරටට ගෙනැවිත්, දියතලාව හමුදා රෝහලේ නේවාසිකව තබාගෙන සිටි සිසුන් ඇතුළු 33 දෙනා, ලබන දහසය වනදා මුදා හරින බව වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

 

මෙම සිසුන් 33 දෙනා මෙරටට ගෙන එන ලද්දේ පෙබරවාරි පළමු වැනි දා යි.

 

ඔවුන් සියලූ දෙනා එදා සිට මේ දක්වා සමීපව නිරීක්ෂණය කළද, ඔවුන්ගෙන් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වී ඇති බවයි වෛද්‍යවරයා පවසන්නේ. ඒ අනුව, අදාල සිසුන් 33 දෙනා, එළැඹෙන 16 වන දා ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාර දීමට කටයුතු යොදා තිබෙනවා.

views

781 Views

Comments

arrow-up