FEB
06
ශ්‍රීලනිපයේ තවත් පලුවක් ගැලවේ – හිටපු ජනාපති මෛත්‍රී ශ්‍රීලනිපයේ තනි වීමේ අවදානමක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට නියමිතව ඇති බව දේශපාලන වාර්තා වෙයි.
මීළඟ මහ මැතිවරණය සඳහා තරග වැදීම සඳහා ඔවුන් මෙලෙසට එසේ පොදුජන පෙරමුණ සමඟ එක්වීමට සූදානමින් සිටින බවද සඳහන්ය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රීවරුන් ඉතිරි වනු ඇත්තේ අතිශය සුලු පිරිසකි.
එලෙසට සිදුවූවහොත් බොහෝ දුරට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන සමග තවත් දෙතුන් දෙනකු පමණක් ශ්‍රීලනිපයේ ඉතිරි වනු ඇතැයිද වාර්තා වේ
2759 Views
Comments