JAN
30
IDH සුලු සේවකයෝ නිවාඩු දමා ලෙඩවෙයි

කොරෝනා වෛරසය අාසාදිත බවට සැක කෙරෙන රෝගීන් කිහිප දෙනෙකු IDH රෝහලට ඇතුලත් කිරිමත් සමඟ එහි සේවයේ නියුතු සුලු සේවකයින් ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණෙන බව වාර්තා වනවා.
මේ නිසා ඊයේ දිනයේදී ප්‍රතිකාර කටයුතුවලටද යම් බාධාවක් තිබූ බවයි වාර්තා වුණේ.
රෝහල් සේවකයින්ට අවශ්‍ය අාරක්ෂිත උපකරණ ලබා දුන්නද තමන්ට ද කොරෝනා වෛරසය සෑදෙනු ඇතැයි බියෙන් සුලු සේවකයින් මෙලෙස නිවාඩු දමන බවයි රෝහල් බලධාරියෙකු සඳහන් කර සිටියේ.
Image courtesy : Internet
654 Views
Comments