හෙරොයින් 192kgක් සහ පිස්තෝල 10ක් සමග තිදෙනෙක් කොටු

හෙරොයින් තොඟයක් සහ ගිනි අවි 10ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර උතුර විශේෂ විමර්ශන ඒකකය විසින් අද(30) උදෑසන සිදු කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.
ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 192ක තොගයක්, පිස්තෝල වර්ගයේ ගිනි අවි 10ක් සහ මැගසින් 19ක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකාරියන් දෙදෙනා සහ සැකකරු සම්බන්ධයෙන් බස්නාහිර උතුර විශේෂ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.
728 Views
Comments