JAN
23
රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරා රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන් ගේ සොහොයුරා වන රිෆ්ඛාන් බදුර්දීන් ලබන පෙබරවාරි මස 06 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (23) නියෝග කළා.
රිෆ්ඛාන් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවේ මන්නාරම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුනිමේ සිද්ධියක් සම්බන්ධයෙන්ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ රිෆ්ඛාන් බදුර්දීන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
854 Views
Comments