කොරෝනා බවට සැක 15දෙනෙක් ලංකාවේ රෝහල්වල

මේ වනවිට දිවයින පුරා රෝහල් කිහිපයක කොරෝනා රෝග ලක්ෂණ බවට සැක රෝගීන් 15 දෙනෙකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
අංගොඩ අයි.ඩී.එච්. උණ රෝහලේ රෝගීන් තිදෙනෙකු, කුරුණෑගල රෝහලේ දෙදෙනෙකු, මහනුවර රෝහලේ රෝගීන් සිව්දෙනෙකු, මීගමුව රෝහලේ දෙදෙනෙකු, රාගම, ගම්පහ, බදුල්ල සහ යාපනය යන රෝහල්වල එක් රෝගියකු බැගින්ද වනසේ මෙම රෝගීන් සිටින බව අනිල් ජාසිංහ මහතා කියා සිටියා.
චීන ජාතිකයන් වැඩි වශයෙන් ගැවසෙන කොළඹ, දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ඔවුන් පිළිබඳව දැඩිව නිරීක්ෂණය කරන බවද ඔහු පැවසුවා.
-ලංකාදීපය
726 Views
Comments