ගෝලිය හදිසි තත්ත්වයක්

කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ගෙබ්රියේසස් ඊයේ(31) නිවේදනයේ කළේ චීනයේ තුළ පවතින තත්ත්වය නොව වෙනත් රටවලට කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.
දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් පවතින රටවලට වෛරසය පැතිරයාම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබේ.
මේ වනවිට රටවල් 18කින් රෝගීන් 98 දෙනෙකු වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.
එහෙත් වෙනත් රටක කිසිදු අයෙකු කොරෝනා වෛරසයට හේතුවෙන් මියගිය බවට වාර්තා වී නොමැත.
චීනය තුළ පමණක් මේ වනවිට 213 දෙනෙකු පමණ මියගොස් තිබේ.
724 Views
Comments