අයථා ලෙස ඉපැයූ කෝටි 78ක දේපළ තහනම් කරයි

නීති විරෝධී වත්කම් සහ දේපළ පිළිබඳ විමර්ශන කොට්ඨාසය මගින් රුපියල් කෝටි 78 ක දේපළ මේ වන විට තහනම් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (06 දා) පැවසීය.
මෙම කොට්ඨාසය ආරම්භ කර මේ වන විට මාස 07 කට ආසන්න වන අතර, එම කාලය තුළ සිදුකරන විමර්ශනවලට අදාළව මෙම වත්කම් තහනම් කර තිබේ.
නීති විරෝධී වත්කම් සහ දේපළ පිළිබඳ විමර්ශන කොට්ඨාසය මගින් අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති පුද්ගලයන් 1100 ක් පමණ පිළිබඳව විමර්ශන සිදුකරන අතර ඉන් 325 ක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ වෙති.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන සිදුකර දැනට කෝටි 78 ක දේපළ තහනම් කිරීමට පියවර ගෙන තවත් කෝටි ගණනක් වටිනා දේපළ තහනම් කිරීමට එම කොට්ඨාසය කටයුතු කරමින් සිටී.
මත්ද්‍රව්‍ය සමඟ මහා පරිමාණ ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගතහොත් ඔහුට මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වන අතර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් එක්රැස් කරගෙන ඇති දේපළ පිළිබඳව ද මෙම ඒකකය මගින් විමර්ශන සිදුකෙරේ.
696 Views
Comments