කොටි වළලපු රත්‍රං සොයන්න ගිය කොස්තාපල් ඇතුළු හතක් මාට්ටු

එල්.ටි.ටි.ඊ සංවිධානය වළදමා ඇති බව කියන රත්‍රං සහ මුදල් සෙවීමට භූගත වස්තු පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු පුද්ගලයින් 07ක් කිලිනොච්චිය, රාමනාදන්පුරම් මාර්ග බාධකයේදී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
සුඛෝපභෝගී මෝටර් රථ දෙකකින් පැමිණ ඇති සැකකරුවන් රාමනාදන්, සෙම්බුකුලම් ප්‍රදේශයේ එල්.ටි.ටි.ඊ වළදැමූ රත්තරන් භූගත වස්තු පිළිබඳ සොයාබලන ස්කෑනර් යන්ත්‍රයෙන් පරීක්ෂා කිරීමට සූදානම්ව සිටි බවට තොරතුරු අනාවරණයවූ බවත් පොලිසිය සඳහන් කළේය.
දින කිහිපයකට පෙර සැකකරුවන් පැමිණ ඇති බවත් අත්අඩංගුවට ගත් කොස්තාපල් අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙකු බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පැවසීය.
සැකකරුවන් සන්තකයේ තිබී මිනුම් සඳහා යොදාගන්නා ටේප් වර්ග ඇතුළු භාණ්ඩ කිහිපයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
650 Views
Comments