සොත්ති උපාලි නැවතත් කරලියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

සොත්ති උපාලි නැවතත් කරලියට

සොත්ති උපාලි නැවතත් කරලියට

ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක සොත්ති උපාලි නැමැත්තාගේ ඥාතියෙකු රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනා හෙරොයින් සමග වැල්මිල්ල කැන්දලන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලීසිය පැවසුවේ මෙම සැකකරු ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක සොත්ති උපාලි නැමැත්තාගේ බෑණා වන බවය.

 

සැකකරු, තවත් පුද්ගලයෙකු හමුවීමේ බලාපොරොත්තුවෙන් කැන්දලන්ද ප්‍රදේශයේ රැඳී සිටින බවට බණ්ඩාරගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

 

වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදු කරයි.

views

1217 Views

Comments

arrow-up