එනසාල් කැඩීමට සිංහරාජ වනයට ගිය කතුන් දෙදෙනා අතුරුදහන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

එනසාල් කැඩීමට සිංහරාජ වනයට ගිය කතුන් දෙදෙනා අතුරුදහන්

එනසාල් කැඩීමට සිංහරාජ වනයට ගිය කතුන් දෙදෙනා අතුරුදහන්

එන්සාල් කැඩීමට සිංහරාජ වනයට ගිය සූරියකන්ද, අලු‍ත්ඉල්ලම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

 

මෙලෙස අතුරුදන්ව තිබෙන්නේ වයස අවුරුදු 39 සහ 40 වයස්වල කාන්තාවන් දෙදෙනකුවේ.

 

මොවුන් දෙදෙනා පසුගිය 12 වැනි දා පෙරවරුවේ සිංහරාජ වනයට ගිය බවත් මේ වන විටත් නැවත නොපැමිණි බවත් සඳහන් කරමින් සූරියකන්ද පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ඔවුන් සොයා විමර්ශන ආරම්භ කර ඇතැයිද පොලිස් මූලස්ථාන නිවේදනයේ සඳහන් වේ.

 

මේ වන විට පොලිසිය, යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව අතුරුදන්වූ කාන්තාවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයිද පොලිස් මූලස්ථානය කියයි.

views

684 Views

Comments

arrow-up