කොරියාවේ සේවය කළ ලාංකිකයෙක් මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
28

කොරියාවේ සේවය කළ ලාංකිකයෙක් මරුට

කොරියාවේ සේවය කළ ලාංකිකයෙක් මරුට

කොරියා ටයිම්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ දකුණු කොරියාවේ  ග්‍යොංගි පළාතේ හ්වාසොංහි ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික සේවකයෙකු තම ඉලක්කය නියමිත කාලයේදී සපුරාලීම සදහා අඛණ්ඩව පැය 18ක් සේවය කරමින් සිටියදී කාර්මික අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

 

 


මෙම මියගිය ලාංකික සේවකයා කර්මාන්තශාලාවට පැමිණ මාස 3ක් වන අතර මෙම අනතුර සිදුවන විට තවත් විදේශික සේවකයින් දෙදෙනෙකු සේවයේ සිටි අතර ශ්‍රී ලාංකික සේවකයා කෑගසන තෙක් ඔවුන් එම අනතුර පිළිබඳව දැනුවත් වී නොමැත.

 

 


මෙම සේවකයින් තිදෙනාම උදෑසන 9 සිට පැය 18ක් අඛණ්ඩව සේවය කර ඇති අතර කොරියානු ජාතික කර්මාන්තශාලා සේවකයා රාත්‍රී 11ට කර්මාන්තශාලාවෙන් පිටව ගොස් ඇත

views

835 Views

Comments

arrow-up