FEB
08
පාර්ලිමේන්තුව උණුසුම් - විපක්ෂ මන්ත්‍රීවරු නැගිට යති

පාර්ලිමේන්තුවෙන් පිටත උණුසුම් විරෝධතා තත්වයන් අතරේ, පාර්ලිමේන්තුවේ හතරවන සභා වාරය ආරම්භයේදී ම පාර්ලිමේන්තුව ඇතුළත ද යම් උණුසුම්කාරී තත්වයන් හටගෙන ඇතැයි වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය රාජාසන කතාව ආරම්භ කිරීමට සූදානම් වන මොහොතේදී ම ඔහුගේ කතාව වර්ජනය කරමින් "රාජාසන මේනියාව" ලෙස කෑ කෝ ගසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භයෙන් ඉවත්ව ගිය බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස ඉවත්ව ගොස් ඇත්තේ ඩලස් අලහප්පෙරුම සහ දයාසිරි ජයසේකර ඇතුලු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකි.
202 Views
Comments