අනුමැතිය නැති ව්‍යාජ කෘෂි රසායනික සහ කෘමි නාශක අලෙවි කරයි

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද කෘෂි රසායනික දියර සහ කෘමි නාශක දියර අලෙවි කල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසිය පැවසිය.
සැකකරු නුවරඑලිය ප්‍රදේශයේ ගොවින් මුලා කරමින් ව්‍යාජ කෘෂි රසායනික දියර සහ කෘමි නාශක දියර පදික වේදිකාවේ අලෙවි කරමින් සිටින බවට නුවරඑලිය පොලිසිය වෙත ලද පැමිණිල්ලක් මත නුවරඑලිය පොලිසියේ නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නුවරඑලිය කදපොල සහ රාගල යන ප්‍රදේශය වල සැකකරුවන් බවත්, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ප්‍රධාන සැකකරු මෙම ව්‍යාජ කෘෂි රසායනික දියර සහ කෘමි නාශක දියර නිෂ්පාදනය කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැර තවත් පුද්ගලයන් ලවා අධික මිලකට අලෙවි කරන බවට පොලිසිය විසින් කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්තාවේ ව්‍යාජ කෘෂි රසායනික දියර සහ කෘමි නාශක දියර බෝතල් සියයකට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් බැදුම්කරයක් මත මුදා හැර ඇත.
නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ සහ නුවරඑලිය කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ සහයෝගය මත සැකකරුවන් එළඹෙන (17) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නුවරඑලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.ඒ.ප්‍රේමලාල් මහතා පැවසිය.
874 Views
Comments