වනඅලි පහරදී විනාශ කල කන්තලේ ලංකාරාමය හදන්න පිහිටක් වන්නැයි විහාරාධිපති හිමියෝ ඉල්ලති
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
02

වනඅලි පහරදී විනාශ කල කන්තලේ ලංකාරාමය හදන්න පිහිටක් වන්නැයි විහාරාධිපති හිමියෝ ඉල්ලති

වනඅලි පහරදී විනාශ කල කන්තලේ ලංකාරාමය හදන්න පිහිටක් වන්නැයි විහාරාධිපති හිමියෝ ඉල්ලති

සේරුනුවර පොලිස් වසමේ අති දුෂ්කරතා මැද ගමත්, පන්සලත් රැක ගනිමින් සිටින නීලපොල ධම්මසේන හිමියන් වැඩවසන මහින්දපුර ශී‍්‍ර ලංකාරාමයට ඉකුත් දින දෙක තුනේදී සිදුකළ වන අලි පහරදීම්වලින් විහාරස්ථානයට බරපතළ හානි සිදුවී ඇති බව සේරුනුවර පොලිසිය පවසයි.

 

පාන්දර 3 ට පමණ පැමිණෙන වනඅලි තුන් හතර දෙනෙකු අවස්ථා කීපයකදීම පහරදී අවසාන වතාවේ දාන ශාලාව, මුළුතැන්ගෙය, ලැගුම් ගෙය හා ගබඩා කාමරය මුළුමණින්ම විනාශකොට ඇති බවත්, තමාත් ගෝල හිමි නමත් එදින විහාරස්ථානයෙන් පිටතට වැඩමකර සිටි බවත් ඒ හිමියෝ පැවසූහ.

 

යුද සමයේ පළමු ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ලවූ මහින්දපුර ගම්මානයේ පදිංචිකරුවන් ගම අත්හැර ගිය පසු හුදෙකලා වූ ගම්මානයේ නැවත පදිංචි කිරීම් 2014 වසරේ සිදුකළත්, වන අලින්ගේ කරදර හේතුවෙන් මෙහි රැඳී සිටිනුයේ කිසිත් කර කියාගත නොහැකි පවුල් 15 ක් පමණ ය.

 

ස්ථීර පදිංචිකරුවන් ආපසු ඒමට මැළිකමක් දැක්වීම හේතුවෙන් පන්සලට දානය ලබා ගැනීමද බරපතළ ගැටළුවකි.

 

දැනට පිට පළාත්වලින් ලැබෙන පරිත්‍යාග හා අසල්වාසී ගම්මානවලින් ලැබෙන දාන මාන ආදියෙන් යැපෙන බව ධම්මසේන හිමියෝ පැවසූහ.

 

විනාශයට යමින් පවතින මෙවන් පූජනීය ස්ථානයන් ආරක්ෂා කර ගනිමින් ඒවා වැඩිදියුණු කර ගැනීමට අත දීම අප කාගේත් වගකීමක් බවද, මේ සඳහා යම් වැඩ පිළිවෙළක් යොදන ලෙසද උන්වහන්සේ වගකිවයුත්තන් ගෙන් ඉල්ලා සිටිති.

වන අලි විනාශ කර ඇති ගොඩනැඟිල්ල නැවත ගොඩනඟා ගැනීමට ආධාරයක් කිරීමට කැමැත්තක් දක්වන පින්වතුන්ට පහත සඳහන් දුරකථනය අමතන මෙන් උන්වහන්සේ කරුණිකව ඉල්ලයි.

 

මේ වනවිට දානය පිළියෙළ කර ගැනීමට හෝ නිදා ගැනීමටද තැනක් නොමැති බැවින් මෙම ඉල්ලීම කරසිටින බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටී. දුරකථන අංකය 0704922472.

views

657 Views

Comments

arrow-up