කුඩා දරුවාගේ ගෙලට පිහිය තබා පවුම් 75ක රන්බඩු සහ මුදල් පැහැරගනී

කාන්තාවන් දෙදෙනෙකු හා කුඩා දරුවකු පමණක් නිවසේ සිටි අවස්ථාවක වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදුණු පුද්ගලයෙකු නිවසේ සිටි කුඩා දරුවාගේ ගෙළට පිහියක් තබා කාන්තාවන් බිය ගන්වා පවුම් 75 කට අධික රන් භාණ්ඩ සහ රුපියල් 68,000ක මුදලක් පැහැරගෙන යාමේ සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවටගත් ති‍්‍රරෝද රථ රියැදුරකු ලබන 14 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී. ජේ. ප්‍රභාකරන් මහතා නියෝග කළේය.
පැමිණිල්ලක් මත අවට පිහිටි නිවාසවල සීසීටීවී දර්ශන වලට අනුව සිදුකළ විමර්ශන වලදී කොල්ලකරුවන් පැමිණි ති‍්‍රරෝද රථය හඳුනාගත් බවත් සෙසු සැකකරුවන් හෝ පැහැරගත් රන් ආභරණ හෝ මුදල් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිසිය පැවසීය.
තම සේවාදායකයා රුපියල් 200ක මුදලකට කුලී ගමනක් පැමිණි අයෙකු මිස ඔහු එම පැහැර ගැනීමට කිසිදු සම්බන්ධතාවයක් නොමැති අයෙකු බැවින් ඔහු ඇපමත මුදාහරින ලෙස අත්අඩංගුවට ගත් සැකකරුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම රථයේ පැමිණි සෙසු සැකකරුවන් තිදෙනකු එම නිවසට ගොස් මුදල් හා රන් ආභරණ පැහැර ගන්නා අවස්ථාවේදී “දැන් ඇති තියෙන දෙයක් අරගෙන ඉක්මනට වරෙල්ලා” කියා එම ති‍්‍රරෝද රථයේ සිටි අයෙකු පවසා ඇති බවත් රියැදුරු එම අපරාධය සඳහා සම්බන්ධතාවයක් නොතිබූ අයෙකු නම් එම පැහැර ගැනීම් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළ යුතුව තිබූ බවත් පොලිසිය අධිකරණය හමුවේ පෙන්වා දුනි.
993 Views
Comments