පරිප්පු සහ සීනි වල මිල වෙනසක් ළගදීම

පරිප්පු සහ සීනි මිල අඩු කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
අදාල සහනය මාසයක් තුළ ක්‍රියාත්මක කරනු ඇති.
ඒ අනුව, පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 175කට අඩු මිලකට හා සිනි කිලෝග්‍රෑමයක් රුපියල් 110 වැනි මිලකට ලබා දීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළා.
වැඩිදුරටත් ඔහු සඳහන් කළේ, ඒ අනුව සතොස සහ සමුපකාර අලෙවිසැල් හරහා අඩු මිලට පරිප්පු හා සීනි මිලදී ගැනීමට පාරිභෝගියන්ට අවස්ථාව හිමිවන බවයි.
807 Views
Comments