ඔන්ලයින් පාඩම් මැද 14 හැවිරිදි සිසුවිය ගෙදරින් පැන ගොස් පෙම්වතාගේ නිවසේ දින 7ක් පෙම්සුව විඳලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
05

ඔන්ලයින් පාඩම් මැද 14 හැවිරිදි සිසුවිය ගෙදරින් පැන ගොස් පෙම්වතාගේ නිවසේ දින 7ක් පෙම්සුව විඳලා

ඔන්ලයින් පාඩම් මැද 14 හැවිරිදි සිසුවිය ගෙදරින් පැන ගොස් පෙම්වතාගේ නිවසේ දින 7ක් පෙම්සුව විඳලා

පාසල් වසා දැමීමෙන් පසු දුරස්ථ අධ්‍යාපනක්‍රමය මත ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබාදීමට දෙමාපියන් රැගෙන දුන් ජංගම දුරකථනයට අහඹු ලෙස ලැබුන ඇමතුමකින් තරුණයෙකු සමඟ පෙම්බැදි අවුරුදු 14 යි මාස 10ක් වයසැති පාසල් සිසුවියක් දින 07ක් පෙම්වතාගේ නිවසේ බිරිඳක් ලෙසින් කාලය ගතකිරීමේ සිද්ධියක් පසුගිය 02 වැනිදා ගම්පහ අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.

 


අවුරුදු 14ක් පමණක් වූ තම බාලවයස්කාර දියණිය නිවසින් අතුරුදන්ව සතියක් පමණ ගතවී තිබියදීත්, තම පුතා බාලවයස්කාර සහකාරියක් නිවසට රැගෙන විත් දින සතියක් නිවසේ රඳවාගෙන සිටියදීත් ඒ සම්බන්ධයෙන් එකදු පාර්ශවයකින් හෝ පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර නොතිබූ බවට අධිකරණයේදී සඳහන් වූ අතර බාලවයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනා මත 18 හැවිරිදි තරුණයකු සහ ඊට ආධාර අනුබලදීමේ චෝදනා සම්බන්ධයෙන් එම සැකකරුගේ මව සහ පියා යක්කල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

 

හංවැල්ල ප‍්‍රදේශයේ පදිංචි දැරියගේ මව සහ පියාද අධිකරණය හමුවේ පෙනීසිටි අතර දැරියගේ වයස සම්පූර්ණ වීමෙන් පසුව ඔවුන් දෙදෙනාව විවාහ කරදීමට කටයුතු කරන බව දෙපාර්ශ්වයේම දෙමාපියන් අධිකරණය හමුවේ පොරොන්දුවිය.

 

මීරිගම, පදිංචිකරුවන් වන 18 හැවිරිදි සැකකාර තරුණයා පියා සහ මව ඇතුළු තිදෙනාගෙන් එක් අයෙකුව රුපියල් ලක්‍ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත‍්‍රාත් ආර්. එස්. එම්. මහේන්ද්‍ර රාජා මහතා නයෝග කළේය.

 

සෑම මසකම අවසාන ඉරුදින පෙරවරුවේ යක්කල පොලිසියේ පෙනී සිටින ලෙසට ඇප නියමවූ තිදෙනාට අධිකරණයෙන් නියම කෙරුණි.

 

දැරියව මවට බාර කෙරුණු අතර මෙම සිද්ධියේදී දෙමාපියන්ගෙන් වරදක් සිදුවී ඇත්දැයි විමර්ශනය කරන ලෙසට පැමිණිල්ල මෙහෙයවූ යක්කල පොලිසියේ සැරයන් ගුණසිරි (40464) නිලධාරියාට නියෝග කළ අධිකරණය ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබන සැප්තැම්බර් මස 21 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියම කෙරුණි.

 

දරුවන්ගේ අනාගතය රැකෙන්නේ දෙමාපියන්ගේ වගකීම මත බව පැවසූ අධිකරණය දෙමාපියන් දරුවන්ව ආරක්‍ෂා කළ යුතු බවද අවධාරණය කලේය.

 

එසේම නඩුව නැවත සැප්තැම්බර් මස 21 දිනයේදී කැඳවීමටද නියම කෙරුණි.

views

1058 Views

Comments

arrow-up