නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මංගල සාදයක් පැවැත්වූ පිරිසක් නිරෝධායනයට (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
18

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මංගල සාදයක් පැවැත්වූ පිරිසක් නිරෝධායනයට (VIDEO)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මංගල සාදයක් පැවැත්වූ පිරිසක් නිරෝධායනයට (VIDEO)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ මංගල සාදයක් පැවැත්වූ පිරිසක් නිරෝධායනයට යොමුකර නඩු පැවරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. 

 

මෙසේ නඩු පවරා ඇත්තේ අදාල මංගල සාදය පැවැත්වූ නිවසේ හිමිකරුට වන අතර බීමතින් රැඟු‍ම් පෑ පස්දෙනකු හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට හා PCR පරීක්ෂණ වලට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. 

 

මෙම මංගල සාදය සඳහා 100ට ආසන්න පිරිසක් එක්ව තිබෙන අතර මංගල උත්සවයේ දෙවන දින සාදයට පොලිසියෙන් හා සෞඛ්‍ය අංශ වලින් අවසර ඉල්ලා තිබුණද එම අවසරය ලබාදී තිබුණේ නැහැ. 

 

එසේ වෙතත් එම තීරණය නොසලකා මෙම පිරිස රාත්‍රී දහයෙන් පසුව අදාල සාදය පවත්වා තිබෙනවා. 

 

සාදය අතරතුර ඔවුන්ගෙන් අයෙක් බීමතින් මෙම අවස්ථාව වීඩියෝ කර සජීවීව සමාජ මාධ්‍යට මුදා හැර තිබෙනවා. 

 

පොලිසිය සඳහන් කරන්නේ සාදයට එක් වූ අනෙක් පිරිස සොයා ගැනීම සඳහා මෙම වීඩියෝ දර්ශන උපයෝගී කර ගන්නා බවයි. 

 

වීඩියෝව පහතින්.... 

 

 

views

1048 Views

Comments

arrow-up