අත්‍යාවශ්‍ය භාණ්ඩ සැඟවීම වළක්වමින් ඇමති බන්ධුලගෙන් තවත් ගැසට් නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
12

අත්‍යාවශ්‍ය භාණ්ඩ සැඟවීම වළක්වමින් ඇමති බන්ධුලගෙන් තවත් ගැසට් නිවේදනයක්

අත්‍යාවශ්‍ය භාණ්ඩ සැඟවීම වළක්වමින් ඇමති බන්ධුලගෙන් තවත් ගැසට් නිවේදනයක්

වී, සහල්, සීනි, කිරිපිටි, බඩඉරිඟු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සැඟවීම වළක්වමින් ඊයේ (11) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි වෙළෙඳ අමාත්‍යාංශය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

පාරිභෝගික සේවා අධිකාරි පනතේ 10 වගන්තියට අනුව, ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි වී, සහල්, සීනි, කිරිපිටි, බඩඉරිඟු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග පවත්වාගෙන යන පිරිස තමා සතු සියලු තොග පිළිබඳ නිරවද්‍ය හා සත්‍ය තොරතුරු සපයමින්, සතියක කාලයක් තුළ පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි වන මෙන් ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනයෙන් නියෝග කර තිබේ.

 

මේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි වීමකින් තොරව තොග ගබඩා පවත්වාගෙන යෑමට ඉඩ නොලැබෙන බවත් යම් හෙයකින් එවැනි ගබඩා පවත්වාගෙන යන්නේ නම් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධ මහතා අමාත්‍යාංශයේදී ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

 

ඒ අනුව ලියාපදිංචි වීමට අදාළ අයදුම්පත පාරිභෝගික සේවා අධිකාරියේ වෙබ් අඩවියෙන් ගෙන විද්යුත් තැපෑල මඟින් පාරිභෝගික සේවා අධිකාරිය වෙත යොමු කිරීමේ පහසුකම් සලසා තිබෙන බව පැවසූ ගුණවර්ධන මහතා විශේෂයෙන්ම මේ අයදුම්පත දින 7ක් තුළ පාරිභෝගික සේවා අධිකාරිය වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය බව කීවේය.

 

සහල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර වතුර, පොහොර නොමිලයේ දෙමින්, රුපියල් 30ට පැවති වී කිලෝවක මිල රුපියල් 50ක් දක්වා වැඩි කරමින් රජය විසින් සාධනීය ක්‍රියාමාර්ග ගනිමින් සහල් කිලෝ එකක මිල රුපියල් 100ට අඩුවෙන් පවත්වාගෙන යෑමට පියවර ගත් බවද ඇමැතිවරයා කියා සිටියේය.

 

 

 

views

1234 Views

Comments

arrow-up