උතුරේ විරෝධතා පාගමන දකුණෙ මාධ්‍යවල පෙන්නුවා මදි - ඇමරිකා තානාපතිනි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙමස්ප්ලෙට්ස් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙරට සිංහල මාධ්‍ය ආයතන ගැන අදහස් පල කර තිබෙනවා.
ඇය කියා සිටින්නේ , අම්පාරේ සිට යාපනය දක්වා උතුරේ දෙමළ පක්ෂ විසින් පවත්වන ලද පාගමන සබන්ධයෙන් උතුරේ දෙමළ මාධ්‍ය විසින් හොඳ ප්‍රචාරයක් ලබා දුන්නද කොළඹ පදනම් කරගත් මාධ්‍ය ඊට පුළුල් ආවරණයක් ලබා නොදුන් බවයි.
“සාමකාමී උද්ඝෝෂණ යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් අයිතියකි. පොතුවිල් සිට පේදුරුතුඩුව දක්වා වූ පාගමන පිළිබඳ දෙමළ මාධ්‍ය ආවරණයක් මා දුටුමි. නමුත් එයට කොළඹ පදනම් කරගත් මාධ්‍ය මගින් වඩාත් පුළුල් ලෙස ආවරණය නොවුණේ මන්දැයි මම පුදුම වුණෙමි” ලෙස ට්විටර් සටහනක් තබා තිබුණි.
782 Views
Comments