රජයේ වෛද්‍යවරු නැවතත් වැඩවර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අද පැවති මධ්‍යම කාරක සභාවේ දී එළඹෙන 21 වන දා සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබෙනවා.
ජාතික වැටුප් ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම සහ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් රාජ්‍ය සේවය වර්ජන රැල්ලකට යොමු කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කළ බවයි එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියා සිටියේ.
මෙම වැඩවර්ජනයට අවතීර්ණ වීමට ගත් තීරණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා වෙත යොමුකර ඇති අතර අවසාන තීරණය ඔවුන් විසින් ගනු ඇති.
736 Views
Comments