මාර්ගෝපදේශ දෙනතුරු කොරාේනා සිරුරු භූමදානය කරන්නේ නැහැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
27

මාර්ගෝපදේශ දෙනතුරු කොරාේනා සිරුරු භූමදානය කරන්නේ නැහැ

මාර්ගෝපදේශ දෙනතුරු කොරාේනා සිරුරු භූමදානය කරන්නේ නැහැ

කොරෝනා වෛරසය ආසාධිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූතානය කිරීම සඳහා වන මාර්ගෝපදේශ ඇතුලත් මූලික කෙටුම්පත සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

 

එම මාර්ගෝපදේශ නිල වශයෙන් නිකුත් කිරීමෙන් පසුව කොරෝනා ආසාදිත මෘතදේහ භුමිදානය කිරීම සඳහා අප කර ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියා.

 

එසේම අදාළ මළ සිරුර භූමිදානය කිරීම සඳහා අවශ්‍ය වන භූමි ප්‍රදේශ සොයා ගත යුතු බවත් භූමි ප්‍රදේශවල ඇති ජල ධාරිතාව නිරීක්ෂණය කළ යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.

 

එම සියලු නිර්දේශ සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා අදාළ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව සිරුර භූමිදානය කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

 

මේ නිසා රුර භූමිදානය කිරීමට අත්‍යවශ්‍යම පුද්ගලයකු වන්නේ නම් එම අවසරය ලැබෙන තෙක් අධි ශීතකරණයේ තැන්පත් කර තැබෙන බව ඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

views

613 Views

Comments

arrow-up