ජයසූරිය යලිත් විස්සයි 20 පිටියට

ප්‍රවේගකාරී පිතිකරු සනත් ජයසූරිය ලබන මාසයේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත Road Safety World Cup විස්සයි 20 තරගාවලියට සහභාගි වෙන බවට තහවුරු කර සිටිනවා.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක විස්තර විචාරක රසල් ආර්නෝල්ඩ්, හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර සහ ධම්මික ප්‍රසාද් තිලකරත්න දිල්ෂාන් ඉදිරි තරගාවලියට ‘ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්’ කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇත.
ලොව පුරා ඇති COVID-19 තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී තරඟ 4 කට පසුව මෙම මාලාවේ පළමු අදියර නතර කිරීමට සිදුවිය.
තරඟාවලිය මාර්තු මස 2 වන දින ආරම්භ වන අතර එය මාර්තු 21 වන දින අවසන් වීමට නියමිතය. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සිය පළමු තරගය මාර්තු 2 වනදා ක්‍රීඩා කරනු ඇති බව සංචිතයේ කළමනාකරු වන ශ්‍යාම් ඉම්පෙට් පවසයි.
701 Views
Comments